වල්ලපට්ටා හා සුදු හඳුන් තොගයක් රේගුව භාරයට

හොරෙන් පන්නන්න හැදූ වල්ලපට්ටා හා සුදු හඳුන් තොගයක් රේගුව භාරයට

by Staff writer 15-08-2020 | 10:39 AM

COLOMBO (News 1st) : නීති විරෝධීව ඩුබායි වෙත අපනයනය කිරීමට සැලසුම් කර තිබූ වල්ලාපට්ටා සහ සුදු හඳුන් තොගයක් රේගුව භාරයට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ, රුපියල් එක්කෝටි 25 ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් සුදු හඳුන් කිලෝග්‍රෑම් 120ක් හා වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 120 ක් එලෙස රේගු භාරයට ගත් බවයි.