වේයන්ගොඩ 'හැට්ටයා' අත්අඩංගුවට

හෙරොයින් ජාවාරම් කළ වේයන්ගොඩ 'හැට්ටයා අත්අඩංගුවට

by Staff writer 15-08-2020 | 5:29 PM
COLOMBO (News 1st) : ගම්පහ, වේයන්ගොඩ ඇතුළු ප්‍රදේශවල හෙරොයින් ජාවාරමේ නිරත වූ වේයන්ගොඩ 'හැට්ටයා' නමැති සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5 ක් ද සිය භාරයට ගත් බවයි. 41 හැවිරිදි සැකකරු බැංකු ගිණුම් 3 ක් හරහා රුපියල් හත්කෝටි විසිතුන් ලක්ෂයකට අධික මුදලක් නීති විරෝධීව සංසරණය වී ඇතැයි, විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ, සැකකරු සන්තකයේ තිබී රුපියල් 98 ලක්ෂයක චෙක්පතක් ද පොලීසිය භාරයට ගැනිණ. හෙරොයින් ජාවාරම සදහා යොදාගත් රුපියල් ලක්ෂ 75 ක් පමණ වටිනා නවීණ පන්නයේ මෝටර් රථයක් ද සිය භාරයට ගෙන ඇතැයි, මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කළේ ය. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7 ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව පොලීසිය පැවසී ය.