රන් මාල රැසක් සොරකම් කළ අයෙකු රිමාන්ඩ්

රන් මාල රැසක් සොරකම් කළ අයෙකු රිමාන්ඩ්

by Staff writer 15-08-2020 | 2:24 PM

COLOMBO (News 1st) : හොරණ, කුඩා උඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් රන් මාල කොල්ල කෑමේ සිද්ධීන් රැසකට සම්බන්ධ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි. දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි රන්මාල කොල්ල කෑමේ සිද්ධීන් විශාල ප්‍රමාණයකට අදාළ නඩු සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටි අදාළ සැකකරු විවෘත වරෙන්තු 20 ක් හිමි අයෙකි.