ගිනි අවියක් හා අත් බෝම්බ 2 ක් සමග සැකකරුවෙකු දැලේ

රත්නපුරදී ගිනි අවියක් හා අත් බෝම්බ 2 ක් සමග තරුණයෙකු අත්අඩංගුවට

by Staff writer 15-08-2020 | 2:10 PM

COLOMBO (News 1st) : රත්නපුර, වැරණියගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් ගිනි අවියක් හා අත් බෝම්බ 2 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරු සන්තකයේ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, එම වර්ගයේ සජීව පතුරම් 4 ක්, ජීව අත් බෝම්බ 2 ක් හා හිස්පතොරම් කොපු 13 ක් සිය භාරයට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 23 හැවිරිදි කරංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.