මෙරට තුළ PCR පරීක්‍ෂණ 182,681 ක්

මෙරට තුළ PCR පරීක්‍ෂණ 182,681 ක්

by Staff writer 15-08-2020 | 2:03 PM

COLOMBO (News 1st) : කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා මෙරට තුළ PCR පරීක්‍ෂණ 182,681 ක් සිදුකර ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ දිනය තුළ පමණක් PCR පරීක්‍ෂණ 1100 ක් සිදුකර ඇති බවයි. මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2886 දක්වා ඉහළ ගියේ ය. ඒ, තවත් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු ඊයේ පස්වරුවේ හඳුනා ගැනීමත් සමග ය. ඔවුන්ගෙන් තිදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයා ජපානයේ සිටි පැමිණි පුද්ගලයෙක් ය. ඔවුන් මෙරටට පැමිණි නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ ය. වෛරසය ආසාදිත රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 217 කි. ඒ සමග මෙරට කොරෝනා පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 2658 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ ය. අද උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියලු ආසාදිතයින් සංඛ්‍යාව 629 කි. ඒ අතරට පුනරුත්ථාපනය වන රැඳවියන් 508 දෙනෙකු, කාර්ය මණ්ඩලය 67 දෙනෙකු, ආරාධිත කාර්ය මණ්ඩලය 05 දෙනෙකු , පවුල් හා සමීපතමයින් 48 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයින් අයත් ය. කොරෝනා හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 615 දෙනෙකු දිවයිනට පැමිණියේ ය.‍ එසේම අද දිනයේදී යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 160 දෙනෙකු තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත ය. මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත පුද්ගලයින් සංඛ්‍යාව 30,274 කි. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 41 ක් තුළ පුද්ගලයින් 4689 දෙනෙකු නිරෝධායනය වෙමින් ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලා. අද උදෑසන වනවිට පුද්ගලයින් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඉන් පුද්ගලයින් 5 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි අයයි. සෙසු අය දේශීයව හඳුනාගත් පුද්ගලයින් වේ. ඒ අනුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව පුද්ගලයින් 475 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 154 කි.