මන්ත්‍රී ධුරයක් හිස් වීම සභා වාරයට බාධාවක් නොවේ

මන්ත්‍රී ධුරයක් හිස් වීම මංගල සභා වාරයට බාධාවක් නොවේ - නි. මහ ලේකම්

by Staff writer 15-08-2020 | 9:12 PM
COLOMBO (News 1st) : මන්ත්‍රී ධුරයක් හිස්ව තිබුණ ද, පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි. ඒ අනුව මංගල සභා වාරය පැවැත්වීමේ කිසිදු ගැටලුවක් නැතැයි ඔහු සඳහන් කළේ ය. 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය ලබන 20 වැනිදා ආරම්භ වේ. එහෙත්, එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා සුදුස්සෙකු මෙතෙක් නම් කර නොමැති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය. ඊට අමතරව අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ධුරය ද මෙතෙක් ගැසට් කර නොමැත.