ග්‍රෑන්ඩ්පාස් මෙහෙයුමේදී පුද්ගලයින් 63දෙනෙකු කොටු

ග්‍රෑන්ඩ්පාස්හි මෙහෙයුමේදී සැකපිට පුද්ගලයින් 63 දෙනෙකු කොටු 

by Staff writer 15-08-2020 | 7:36 AM

COLOMBO (News 1st) : ග්‍රෑන්ඩ්පාස්, මුවදොර උයන නිවාස සංකීර්ණයේ ඊයේ රාත්‍රියේ සිදු කළ විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුමේදී සැකපිට පුද්ගලයින් 63 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මත්ද්‍රව්‍ය සමග සැකපිට පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
එසේම රුපියල් හාර ලක්ෂ විසි දහසක් හා ජංගම දුරකතන 6 ක් සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකාරියක් අත්අඩගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
ගංජා සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 11 කි.