එජාපයේ විශේෂ සාකච්ඡාවක්

එජාපයේ විශේෂ සාකච්ඡාවක්

by Staff writer 15-08-2020 | 9:39 PM
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂයේ විශේෂ හමුවක් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණ. මෙය පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්, ප්‍රාදේශීය සංවිධායකවරු පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. විශේෂ හමුවෙන් පසු වජිර අබේවර්ධන මහතා පැවසුවේ, එහිදී තරග කළ අපේක්ෂකයන් කැඳවා ස්තුති කර ඔවුන් සමග දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වූ බවයි. පරාජය යනු ජයග්‍රහණයේ මාවත බව ද ඔහු එහිදී පැවසී ය. https://www.facebook.com/NewsfirstSL/videos/1661160104052119/