ඉන්දියාවේ 74 වන ජාතික නිදහස් සැමරුම අද

ඉන්දියාවේ 74 වන ජාතික නිදහස් සැමරුම අද

by Staff writer 15-08-2020 | 8:36 AM

COLOMBO (News 1st) : ඉන්දියාවේ 74 වන ජාතික නිදහස් දින සැමරුම අදට යෙදී තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලි අගනුවර රතු බලකොටුවේදී 74 වැනි නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්විමට නියමිත ය. යුද, ගුවන්, නාවික හා පොලිස් නිලධාරින් 2,500කට අධික පිරිසක් නිදහස් සැමරුමට එක්වන බව එරට මාධ්‍ය වාර්තා කළේ ය. කෙසේ වෙතත් කොරෝනා වසංගතය හේතුවෙන් සැමරුම් උත්සවයේ කටයුතු දැඩි ලෙස සීමා කර තිබේ. කොරෝනා වෛරසය හමුවේ සටන් වැඳී සිටින සෞඛ්‍ය අංශ සහ කම්කරු ජනතාවට ජාතියේ ප්‍රණාමය හිමි වන බව නිදහස් සැමරුමට සමගාමිව ඊයේ දිනයේ රුපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඉන්දිය ජනාධිපති රාම් නාත් කොවින්ද් සඳහන් කළේ ය. මේ අතර පසුගියදා ඉන්දු චීන දේශසිමාවේ ගැටුම්වලදී අභීතව සටන් කළ ඉන්දීය දේශසීමා ආරක්ෂක බලකායේ සාමාජිකයින් 20 දෙනකුට අද දිනයේ සම්මාන පිරිනැමීමට නියමිතව තිබේ.