by Staff writer 15-08-2020 | 6:45 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා අමරපුර මහා නිකායික සංඝ සභා කාර්යාලය සඝ සතු කොට පූජා කිරීම අද වැල්ලවත්තේ දී සිදු කෙරිණ.
ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
අභිනවයෙන් ඉදිකළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාලය සඝ සතුකොට පුජා කිරීමේ උත්සවය සඳහා මහා සංඝරත්නය, නාවික හමුදාපතිතුමන් , හිටපු කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
සංඝ සභා කාර්යාලයේ සමරු ඵලකය විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ දායක සභාවේ උප සභාපති අජිත ද සොයිසා යන මහත්වරුන්ගේ සුරතිනි.
අනතුරුව ශාසනයට ඉමහත් සේවයක් කළ මහනායක හිමිවරුන්ගේ සේයා රූ, මහා සංඝරත්නය විසින් විවෘත කරනු ලැබී ය.
එලෙස විවෘත කෙරුණු ශ්‍රී ලංකා අමරපුර මහා නිකායික සංඝ සභා කාර්යාලය නම් කර ඇත්තේ ශ්‍රීමත් සිරිල් ද සොයිසා අනුස්මරණ මන්දිරය ලෙසයි.
ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ සේයා රුවක් ද, අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරිණ.
අජිත ද සිල්වා මහතාගේ මූල්‍ය පරිගත්‍යාගයෙන්, එම ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා ශ්‍රම දායකත්වය ලබාදුන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි.
https://www.facebook.com/NewsfirstSL/videos/1661160104052119/