සරසවි නේවාසිකාගාර කාමරයක සිටිය හැකි ප්‍රමාණය ඉහළට

විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල එක් කාමරයක රැඳී සිටිය හැකි සිසුන් ගණන දෙදෙනෙකු දක්වා ඉහළට

by Staff writer 14-08-2020 | 9:40 AM

COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල එක් කාමරයක රැඳී සිටිය හැකි සිසුන් ප්‍රමාණය දෙදෙනෙකු දක්වා ඉහළ නැංවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එහි සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ රට තුළ කොරෝනා වසංගතය පාලනය වීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි. පසුගිය මස 6 වැනිදා සිට සියලු විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ විය.