ලොකු ළූණු වගාව ආශ්‍රිතව දිලීර රෝගයක්

ලොකු ළූණු වගාව ආශ්‍රිතව දිලීර රෝගයක්

by Staff writer 14-08-2020 | 8:19 AM

COLOMBO (News 1st) - පවතින වැසි තත්වයත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයක ලොකු ළූණු වගාව ආශ්‍රිතව දිලීර රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.වීරකෝන් මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් ළූණු අස්වැන්නෙන් 30% පමණ ප්‍රමාණයක් හානි විය හැකි බවයි. වගාවන් තුළ සුළු වශයෙන් හෝ දිලීර ව්‍යාප්තිය පවතින්නේ නම්, කෘෂි පර්යේෂණ නිලධාරීන් දැනුවත් කරන්නැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වගාකරුවන්ට දැනුම් දෙයි.