ලෙබනනයේ සිට ලාංකිකයින් රැගත් යානයක් හෙට දිවයිනට

ලෙබනනයේ සිට ලාංකිකයින් 250 දෙනෙකු රැගත් යානයක් හෙට දිවයිනට

by Staff writer 14-08-2020 | 8:27 AM

COLOMBO (News 1st) - ලෙබනනයේ, බේරූට් අගනුවර සිදුවූ දැවැන්ත පිපිරීමෙන් තුවාල ලැබූ ලාංකිකයින් සංඛ්‍යාව 20 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ශානි කරුණාරත්න මහත්මිය සඳහන් කළේ, ඔවුන් සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. මේ අතර ලෙබනනයේ සිටින ලාංකිකයින් 250 දෙනෙකු රැගත් යානයක් හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. තානාපතිවරිය සඳහන් කළේ ඒ අතර ලෙබනනයේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් තුවාල ලැබූ ලාංකිකයින් කිහිප දෙනෙකු ද වන බවයි. ලෙබනනයේ මේ වන විට සිටින සමස්ත ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව 25 000 කට ආසන්නයි.