මෙරට විශාලතම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් අවසන්

මෙරට විශාලතම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් අවසන්

by Staff writer 14-08-2020 | 9:24 AM

COLOMBO (News 1st) - මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය වන මන්නාරම විදුලි බලාගාර‍යේ ඉදිකිරීම් අවසන් කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ ඉන් මෙගා වොට් 100 ක විදුලි ධාරිතාවක් උත්පාදනය වන බවයි. ඉදිරි සති දෙක ඇතුලත මෙය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසුවේය. මේ අතර පසුගිය වසර 5 තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීමෙන් විදුලිබල මණ්ඩලයේ දෛනික පාඩුව රුපියල් මිලියන 50 ක් බව එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේය. ඔහු පැවසුවේ අදාල ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට පියවර ගෙන ඇති බවයි.