කොරෝනා ආසාදිතයින් ගණන 2882ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2882 ක් දක්වා ඉහළට

by Staff writer 14-08-2020 | 3:05 PM

COLOMBO (News 1st) - මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,882 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරු විය. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ එම පුද්ගලයා 59 වන සේනාංක පුහුණු පාසල් නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායනය වෙමින් සිටි අයෙකු බවයි. කොරෝනා ආසාදිතයින් 225 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුව වූ ආසාදිතයන් සංඛ්‍යාව 2646 කි.