වැටලීම් වලින් කහ 7552KGක් නාවික හමුදාව භාරයට

මෙතෙක් කළ වැටලීම් වලින් හොර පාරෙන් රැගෙන ආ කහ කිලෝ ග්‍රෑම් 7552ක් නාවික හමුදාව භාරයට

by Staff writer 14-08-2020 | 7:57 AM

COLOMBO (News 1st) - නීතිවිරෝධීව මෙරටට ගෙන ආ කහ කිලෝ ග්‍රෑම් 7552 ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඒ, පසුගිය ජූලි 28 වැනිදා සිට මේ දක්වා සිදුකළ විශේෂ වැටලීම්වලිනි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කර්මාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ මුහුදු මාර්ගයෙන් දිවයිනට රැගෙන එමින් සිටියදී සහ විවිධ ප්‍රදේශ වලට ප්‍රවාහනය කරමින් තිබියදී ඒවා සිය භාරයට ගත් බවයි.