විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සමග 414ක් දැලේ

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 414 දෙනෙක් දැලේ

by Staff writer 14-08-2020 | 9:36 AM

COLOMBO (News 1st) - බස්නාහිර පළාත තුළ පොලීසිය කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 414 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ උදෑසන 6 සිට අද අලුයම 5 දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි. එහිදී හෙරොයින් ග්‍රෑම් 103 ක්, ගංජා ග්‍රෑම් 356 ක්, නීති විරෝධී මත්පැන් බෝතල් 663 ක් හා ගෝඩා බැරල් 38 ක් පොලීසිය භාරයට ගෙන තිබේ. හෙරොයින් සමග අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් වත්තල, බේරුවල, නිට්ටඹුව හා මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සදහන් කළේය.