ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 14-08-2020 | 7:45 AM

දේශීය පුවත්

1. කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරු කිහිප දෙනෙක් වැඩ අරඹති : නව කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ඊයේ ධුරයේ වැඩ ආරම්භ කළහ. 2. ශ්‍රීලංකන් ඇතුළු ගුවන් සේවා 3ක ෂැන්හයි ගුවන් ගමන් අත්හිටුවයි : ශ්‍රීලංකන් ගුවන් සේවය ඇතුළු ගුවන් සේවා 3 ක ෂැන්හයි ගුවන් ගමන් අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා නියාමන ආයතනය පියවර ගෙන තිබේ. 3.ජල සම්පාදන අමාත්‍යවරයාගේ අවධානයට: පිරිපහදු ජලය විකිණීම මිස අන් කිසිවක් රටේ ජනයාට විකිණීමේ හිමිකමක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අදාළ පනත ප්‍රකාරව නම් පැවරී නොමැත. 4. අමාත්‍යාංශ 25කට නව ලේකම්වරු පත් කෙරෙති:ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔවුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණු බවයි.

විදෙස් පුවත්

5. ඊශ්‍රාලය සහ UAE ඓතිහාසික ගිවිසුමකට එළැඹෙයි : රාජතාන්ත්‍රික සබඳතා සාමාන්‍ය අතට පත් කිරීම සඳහා ඊශ්‍රාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඓතිහාසික ගිවිසුමකට එලැඹ තිබේ. 6.COVID19 එන්නත වැඩිදියුණු කිරීමට රුසියාව සූදානම්: ඕනෑම පාර්ශවයක් සමග එක්ව සිය කොරෝනා මර්දන එන්නත වැඩිදියුණු කිරීමට සූදානම් බව රුසියාව පවසයි.