කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නැහැ

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

by Staff writer 14-08-2020 | 4:18 PM

COLOMBO (News 1st) : කොළඹ 13, 14 සහ 15 බල ප්‍රදේශවලට හෙට රාත්‍රී 8 සිට පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, ඒ අනුව හෙට රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි. කොළඹ 11 සහ 12 ප්‍රදේශවලට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති. කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ජලනල ව්‍යාපෘතියක අලුත්වැඩියාවක් ඊට හේතුව වී තිබේ.