උපාධි පත්වීම් ලාභීන් සැප්.01 සේවයට වාර්තා කළයුතුයි

රැකියාලාභී උපාධිධාරීන්ගේ ලේඛනය ලබන ඉරිදා ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවියට

by Staff writer 14-08-2020 | 12:28 PM

COLOMBO (News 1st) - උපාධිධාරීන් 50,000කට සහ අඩු අදායම් ලාභීන් ලක්ෂයකට රැකියා ප්‍රදානය වහාම ඇරඹෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඔවුන්ට සේවයට වාර්තා කිරීමේ දිනය සැප්තැම්බර් 01වැනිදා බවයි. මහ මැතිවරණය නිසා නතර කෙරුණු එක්ලක්ෂ පනස් දහසක් දෙනා රැකියාවල නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි මෙම නිවේදනයේ සඳහන් වේ. රැකියා ලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛණය ජනාධිපති කාර්යාල වෙබ් අඩවියේ ලබන ඉරිදා පල කෙරෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ. තෝරාගනු ලැබූවන්ට ලිපි යැවීම සඳුදා සිට ඇරඹෙනු ඇති. පත්වීම් ලාභීන් සැප්තැම්බර් 01වැනිදා තමන්ට ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබේ. සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ නම්, ලේඛණයේ ඇතුළත්ව නැතිනම් ජනාධිපති කාර්යාලයෙන් විමසිය හැකි බව ද නිවේදනයේ සඳහන් වේ. තෝරාගත් අඩු ආදායම් ලාභී ලක්ෂය, රැකියාවල නියුක්ත කිරීම ඒ සඳහාම ස්ථාපිත කාර්ය සාධක බලකාය විසින් සැප්තැම්බර් 01වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබේ.