මන්ත්‍රී අසුනේ අර්බුදයට විසඳුම් සොයයි

අපේ ජන බලවේගය : මන්ත්‍රී අර්බුදයට විසඳුම් සොයා මැකෝ නීතිපති හමු වෙයි

by Staff writer 14-08-2020 | 5:44 PM

COLOMBO (News 1st) : අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු අසුන සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවේ පක්ෂයේ වරම හිමිවී තිබෙන ලේකම්වරයා කවුරුන්දැයි සලකා බලා මන්ත්‍රී අසුන ගැන තීරණයක් ගන්නැයි කොමිසමට දැනුම්දී ඇති බවයි. අපේ ජනබල පක්ෂයේ ලේකම් තමන් යැයි සඳහන් කරමින් පූජ්‍ය පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් උන්වහන්සේගේ නම මන්ත්‍රී අසුන සඳහා කොමිසමට යවා තිබිණ. එහෙත් පසුව එම පක්ෂය පැවසුවේ, උන්වහන්සේ ලේකම් ධුරයෙන් ඉවත්කර වෙනත් අයෙකු පත්කර ඇති බවයි. උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව මැතිවරණ කොමිසම නීතිපතිවරයාගෙන් උපදෙස් විමසුවේ මේ පසුබිම තුළයි. මේ අතර අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී අසුන සදහා ඇති හිමිකම පිළිබඳව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන් මේ වනවිට අදහස් පළ කරමින් සිටිති.