English
தமிழ்
කර්තෘ Staff writer
14 Aug, 2020 | 9:50 pm
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු අගෝස්තු 20 වනදා පෙරවරු 9.30ට කැඳවන බවට වූ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඊයේ ප්‍රකාශයට පත් කරිණ.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවීමේ ප්‍රකාශය නිකුත් කළේ , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ බලතල අනුවයි.
මෙවර ඡන්දයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 196 දෙනාත් , දෙදෙනෙකු හැර ජාතික ලැයිස්තු අසුන් 27 කුත් දැන් ප්‍රකාශයට පත්වී තිබේ.
එක්සත් ජාතික පක්ෂය හා අපේ ජන බල පක්ෂය ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණය මැතිවරණ කොමිසමට දැනුම්දී නොමැත.
අගෝස්තු 20 වනදා පාර්ලිමේන්තුව රැස්වීමේ සූදානම කුමක්ද?
අලුත් පාර්ලිමෙන්තුවේ කථානායක ධුරය ගැනත් දැන් විවිධ අනාවැකි පලවෙමින් තිබෙනවා.
ඒ අනාවැකි අතර ඉදිරියෙන්ම තිබෙන නමක් වන්නේ මහින්ද යාපා අබේවර්ධනයි.
මේ ඔහු අද ඒ ගැන දැක්වූ ප්‍රතිචාරය.
තාම කතානායක ධූරය ලැබුනේ නෑ.. ලැබුනට පස්සේ අපි බලමු කරන්න පුළුවන් උපරිමය කරන්න.
අලුත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාර්යය කුමක් වෙයිද?
මේ ගැනත් දැන් පවතින්නේ සංවාදයකි.
ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කළේ, 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණු වෙනස් කිරීම සඳහා 20 වන සංශෝධනය කඩිනමින් ඉදිරිපත් කරන බවයි.
යහපාලන ආණ්ඩුව ගෙනා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය කාලයේ පොදුජන පෙරමුණ හා හවුල්කාර පක්ෂ බරපතළ ලෙස විවේචනය කළේ ය.
ජනාධිපතිවරයාගේ බලතල සීමාවීම, කොමිෂන් සභාවල ක්‍රියා කලාපය වගේම පොලිස්පතිවරයෙකු පවා පත්කර ගැනීමට ඇති සීමාවන් එලෙස විවේචනය වූ ප්‍රධාන කරුණු අතර වේ.
අප කළ විමසීමකදී අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසුවේ, එම දුර්වලතා ඉවත් කරමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
ඒ සම්බන්ධ කෙටුම්පත මේ වනවිට සකස්කරමින් සිටින බව ද අධිකරණ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
කතානායක මහින්ද යාපාද? #lka #News1st #Parliament
Posted by Newsfirst.lk on Friday, August 14, 2020
16 Jan, 2021 | 09:06 PM
16 Jan, 2021 | 06:35 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS