ඉන්දියාව නිකෝබා දූපතේ දැවැන්ත වරායක් ඉදිකිරීමට සැරසෙයි

ඉන්දියාව නිකෝබා දූපතේ දැවැන්ත වරායක් ඉදිකිරීමට සැරසෙයි

ඉන්දියාව නිකෝබා දූපතේ දැවැන්ත වරායක් ඉදිකිරීමට සැරසෙයි

කර්තෘ Staff writer

14 Aug, 2020 | 10:18 pm

COLOMBO (News 1st): ඉන්දීය සාගරයේ නාවික ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් චීනයේ සැලසුම් අභියෝගයට ලක්වන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඉන්දියාව සූදානම් වේ.

මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.

එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය යටතේ චීනය ඉන්දීය සාගරය හරහා පහසුවෙන් අප්‍රිකාව හා චීනය යාකරන පැරණි සේද මාවත වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් මේ වනවිට ආරම්භ කර තිබේ.

එකි නෙක ඇමිණූ මුතු මාලය යන අරුතින් චීනය හදුන්වන මේ ව්‍යාපෘතිය යටතේ පාකිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින, සොමාලියාව හා ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර තිබේ.

ඉතා කාර්ය බහුල ඊස්ට් – වෙස්ට් ජාත්‍යන්තර නාවුක ගමනා ගමන මාර්ගය සමීපයේ පිහිටි හම්බන්තොට වරාය දැනටමත් අවුරුදු 99 කට චීනයට බදුදී තිබේ.

එහි මෙහෙයුම් බලතල ඇති සමාගමේ වැඩි කොටස් අයිතිය චීනය සතුයි.

හම්බන්තොට වරාය චීනය සතුවීමත් සමග ඉන්දියාව ප්‍රති නැව්ගත කිරීමේ වරායක් ලෙස කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අත්පත් කර ගැනීම සදහා සදහා පසුගිය කාලයේ දැඩි උනන්දුවක් දැක්වීය.

ඉන්දු, ජපාන සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යපෘතියක් ලෙස නැගෙනහිර පර්යන්තය වැඩි දියුණු කිරීමට යෝජනාවක් ඉදිරිපත් වෙද්දී වත්මන් රජය ඉන්දියාවේ අදානි ව්‍යාපාර සමූහයට පර්යන්තය බදුදීමට යෝජනා කළේ ය.

මේ යෝජනාව මේ වනවිට යටපත්වී ඇත්තේ වෘත්තීය සමිති ඊට එරෙහිව ක්‍රියාත්මක කල අරගලය නිසයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව ඉන්දියාවේ බලාපොරොත්තු ක්‍රමයෙන් ගිලිහෙමින් යද්දී ඔවුන් දැන් නිකොබා දූපතේ ප්‍රතිනැව්ගත කිරීමේ වරායක් ඉදිකිරීමට යෝජනා කර තිබේ.

පසුගියදා චෙන්නයි සිට නිකොබා දූපතට මුහුදු පතුලෙන් සම්බන්ධ කල අධිවේගී සන්නිවේදන කේබල් පද්ධතිය විවෘත කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය සැළැස්ම අනාවරණය කළේ ය.

නිකෝබා දූපතේ දකුණු කොටසේ තීරු බදුවලින් නිදහස් ගබඩා සංකීර්ණ කලාපයක් ඉදිකර බහලුම් ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් සකස් කිරීමට එහි පරිපාලනය පසුගිය වසරේ යෝජනා කළේ ය.

කොළඹ, සිංගප්පූරුව සහ මලයාසියාවේ ක්ලැන්ග් වරායට විකල්පයක් ලෙස ඉන්දීය නාවුක ව්‍යාපාර වලට පහසුකම් සැපයීම මේ යෝජනාවේ අරමුණයි.

නිකොබාර් වරාය සහ තීරු ගාස්තුවලින් නිදහස් ගබඩා පහසුකම් පුළුල් කිරීමේ ව්‍යපෘතිය සාර්ථක වුවහොත් ඊස්ට් වෙස්ට් නාවුක ගමන් මාර්ගය සමීපයේ නව තරගකරුවෙක් නිර්මාණය වනු ඇති.

මේ පසුබිම තුළ චීනයේ ඉන්දීය සාගර කලාපයේ නාවුක ව්‍යාපාර ක්ෂේත්‍රයේ බලවතා වීමේ උත්සාහය සාර්ථක වෙයිද?

ඉන්දියාවේ නව උපාය මාර්ගය හමුවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අනාගතය කෙසේ විසදෙයිද?

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]