සිසුන් 200 ට වැඩි පාසල්වලට පැනවූ සීමා ලිහිල් කෙරේ

සිසුන් 200 ට වැඩි පාසල්වලට පැනවූ සීමා ලිහිල් කෙරේ

by Staff writer 13-08-2020 | 9:48 AM

COLOMBO (News 1st) - සිසුන් 200 වැඩි පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දුන් උපදෙස් මාලාව සංශෝධන කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතා සඳහන් කළේ, සිසුන් 200 ට වැඩි පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීමේදී විවිධ ශ්‍රේණි සඳහා දින වෙන්කර තිබු බවයි. එහෙත්, කොරෝනා ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සළකා බලා එම සීමා ලිහිල් කළ බව ලේකම්වරයා පැවසීය. ඒ අනුව සෞඛ්‍ය නිර්දේශ යටතේ පාසල් පවත්වාගෙන යා හැකි නම් සිසුන් සාමාන්‍ය පරිදි ගෙන්වා ගැනීමට බාධාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.