SJB ජාතික ලැයිස්තුව පිළිබඳ අවසන් තීරණය අද

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව පිළිබඳ අවසන් තීරණය අද

by Staff writer 13-08-2020 | 9:21 AM

COLOMBO (News 1st) - ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගන්නා බව සමගි ජන බලවේගය පවසයි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ, අද පෙරවරුවේ රැස්වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවය. ඒ අනුව අද හෝ හෙට එම ලැයිස්තුව, ජාතික මැතිවරණ කොමිෂන් සභාවට භාරදෙන බව ඔහු සඳහන් කළේ ය. මෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව සමගි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 7 කි. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලේඛන ඉදිරිපත් කිරීම සඳහා ජාතික මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවලට හෙට දක්වා අවස්ථාව ලබාදී තිබේ.