වලස්මුල්ලේ නිපදවූ ගල් කටස් හා ටී කටස්

වලස්මුල්ලේ නිපදවූ ගල් කටස් හා ටී කටස්

by Staff writer 13-08-2020 | 9:13 PM
COLOMBO (News1st) : නීතිවිරෝධීව ගිනි අවි නිෂ්පාදනයේ නිරත වූ සැකකරුවෙකු වලස්මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීම සිදු කළේ, තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මතයි. වලස්මුල්ල වත්තේහේනගොඩ ප්‍රදේශයේ නිවසක මෙම ගිනි අවි නිෂ්පාදනාගාරය කාලයක් තිස්සේ පත්වාගෙන ගොස් තිබේ. පොලීසීය පැවසුවේ, අදාළ පුද්ගලයා සන්තකයේ තිබී ගල් කටස් වර්ගයේ සහ ටී කටස් වර්ගයේ ගිනි අවි දෙකක් සොයාගත් බවයි. ඊට අමතරව ජීව පතරොම් 11 ක්, හිස් කොපු 3 ක් මෙන්ම ගිනිඅවි නිෂ්පාදනය සඳහා භාවිත කරන උපකරණ තොගයක් එහි තිබී සොයාගෙන තිබේ. සැකකරු නිෂ්පාදිත ගිනි අවි අලෙවි කර ඇති බව මූලික විමර්ශනවලින් හෙළිව ඇති අතර ඔහු අද වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.