ප්‍රේමලාල්ට පාර්ලිමේන්තු එන්න අවසර ලැබෙයිද?

මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකරගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

by Staff writer 13-08-2020 | 7:48 AM

COLOMBO (News 1st) - මරණ දඬුවම නියමවී සිටින මෙවර මහ මැතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ බව දැනුම්දී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කළේ, ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අධිකරණයේ අවසරය හිමිවිය යුතු බවය. රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය පසුගිය දා මරණ දඬුවම නියම කළේ ය. ඒ, 2015 ජනාධිපතිවරණයට අදාළව කහවත්ත ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරණ රැළියකට හානි කර පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනාවලට වරදකරුවන් කරමිනි.