by Staff writer 13-08-2020 | 3:29 PM
COLOMBO (News 1st) : ඩුබායිහි රැඳී සිටි ලාංකිකයින් 290 දෙනෙක් අද උදෑසන දිවයිනට පැමිණියහ.
ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළිනි.
ඊට අමතරව කටාර් රාජ්‍යයේ සිටි පුද්ගලයින් 13 සහ ඉන්දියාවේ චෙන්නායි සිට පුද්ගලයින් 39 දෙනෙකු අද දිවයිනට පැමිණ තිබේ.
ගුවන් තොටුපළේදී ඔවුන් PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධානය සඳහා යොමු කෙරිණ.