අමාත්‍යංශ 25කට නව ලේකම්වරු පත් කෙරෙති

අමාත්‍යංශ 25කට නව ලේකම්වරු පත් කෙරෙති

by Staff writer 13-08-2020 | 5:51 PM
COLOMBO (News 1st) : කැබිනට් අමාත්‍යංශ 25ක් සඳහා නව ලේකම්වරුන් පත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔවුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණු බවයි. 01- ඩබ්.එම්.ඩි.ජේ. ප්‍රනාන්දු මහතා - අමාත්‍ය මණ්ඩල ලේකම් 02- ආර්.ඩබ්.ආර්. ප්‍රේමසිරි මහතා - මහාමාර්ග අමාත්‍යාංශය 03- එස්.ආර්. ආටිගල මහතා - මුදල් අමාත්‍යාංශය 04- ජේ.ජේ. රත්නසිරි මහතා - රාජ්‍ය සේවා, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය 05- ජගත් පී.විජේවීර මහතා - ජනමාධ්‍ය අමාත්‍යාංශය 06- රවින්ද්‍ර හේවාවිතාරණ මහතා - වැවිලි අමාත්‍යාංශය 07- අනුර දිසානායක මහතා - වාරිමාර්ග අමාත්‍යාංශය 08- ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතා - කර්මාන්ත අමාත්‍යාංශය 09- වසන්තා පෙරේරා මහත්මිය - විදුලිබල අමාත්‍යාංශය 10- එස්. හෙට්ටිආරච්චි මහතා - සංචාරක අමාත්‍යාංශය 11- ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා - ඉඩම් අමාත්‍යාංශය 12- එන්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා - කම්කරු අමාත්‍යාංශය 13- ආර්.එම්.අයි. රත්නායක මහත්මිය - ධීවර අමාත්‍යාංශය 14- මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා - ආරක්ෂක අමාත්‍යාංශය 15- එම්.කේ.බී. හරිස්චන්ද්‍ර මහතා - වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය 16- එන්.බී. මොන්ටි රණතුංග මහතා - ප්‍රවාහන අමාත්‍යාංශය 17- ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා - ජලසම්පාදන අමාත්‍යාංශය 18- ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය - වෙළෙඳ අමාත්‍යාංශය 19- මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා - සෞඛ්‍ය අමාත්‍යාංශය 20- මේජර් ජනරාල් (විශ්‍රාමික) ඒ.කේ. සුමේධ පෙරේරා මහතා - කෘෂිකර්ම අමාත්‍යාංශය 21- අනුරාධ විජේකෝන් මහතා - තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය 22- කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය - බලශක්ති අමාත්‍යාංශය 23- අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ මහතා - විදේශ අමාත්‍යාංශය 24- වෛද්‍ය අනිල් ජාසිංහ මහතා - පරිසර අමාත්‍යාංශය 25- මහාචාර්ය කපිල පෙරේරා මහතා - අධ්‍යාපන අමාත්‍යාංශය 26- සිරිනිමල් පෙරේරා මහතා - නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය ඒ අනුුුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙස උසස් කරමින් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කර තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතායි. මීට අමතරව තවත් ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරීන් තිදෙනෙකු ලේකම් තනතුරුවලට පත්කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාත්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ධූරය විශ්‍රාමික මේජර් ජෙනරල් සුමේධ පෙරේරා මහතාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට මේජර් ජෙනරල් සංජීව මුණසිංහ මහතාත් යළි පත්කර තිබේ. අමාත්‍යංශ ලේකම්වරුන්ගේ ලැයිස්තුව   https://www.facebook.com/NewsfirstSL/videos/2416808168619171/