ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අර්බුදයක

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අර්බුදයක

by Staff writer 13-08-2020 | 6:55 AM

COLOMBO (News 1st) - අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වී ඇතැයි එම පක්ෂය පවසයි.

අපේ ජන බල පක්ෂයේ අනුශාසක පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සඳහන් කළේ, ඒ අනුව අදාළ නම් කිරීම සඳහා නීතිමය උපදෙස් ලබා ගැනීමට නියමිත බවය. මේ අතර පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේදී මන්ත්‍රීවරුන් සඳහා ආසන පැනවීමක් සිදු නොකරන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, කතානායකවරයා පත්වීමෙන් අනතුරුව ඔහු අදාළ ආසන පැනවීම සිදු කරනු ඇති බවයි. 09 වැනි පාර්ලිමේන්තුවේ නව සභා වාරය ලබන 20 වැනි දා පැවැත්වෙනු ඇති.