අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු අසුන තවමත් අර්බුදයේ

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු අසුන තවමත් අර්බුදයේ

by Staff writer 13-08-2020 | 9:03 PM
COLOMBO (News 1st) : අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන ගැන ප්‍රශ්නය තවමත් විසඳා ගැනීමට නොහැකිවී තිබේ. අද එම පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ තරග කළ අපේක්ෂකයෙකු උපවාසයක් ආරම්භ කළේ, පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන්ට මේ අසුන ලබාදිය යුතු බව පවසමිනි. මේ අතර පක්ෂයේ ඉදිරිපෙළ ක්‍රියාකාරී සමාජිකයෙකු වන අරඹේපොල රතනසාර හිමියන් පැහැරගෙන ගොස් පහරදී ඇතැයි මේවනවිට සැගවී සිටින පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමි පවසති.. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙන්ම පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන්ද මෙම ජාතික ලැයිස්තු අසුනට පත්වීමට ඇති කැමැත්ත මේ වනවිට ප්‍රකාශ කර තිබේ. නමුත් පක්ෂයේ ලේකම් හිමියන් තවදුරටත් සැඟවී සිටීම නිසා මේ අසුන පිළිබඳව අවසන් තීරණයක් ගැනීම තවදුරටත් කල්යමින් පවතී. අපේ ජනබල පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පවසන්නේ තමන් වහන්සේ සමග සමීපව පක්ෂයේ ක්‍රියාකළ අරඹේපොල රතනසාර හිමියන් මේ ප්‍රශ්නය මුල්කරගෙන පිරිසක් විසින් රැගෙන ගොස් පහරදී රඳවාගෙන සිටින බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/3475523855832475/