සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව පිළිබඳ අවසන් තීරණය අද

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව පිළිබඳ අවසන් තීරණය අද

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව පිළිබඳ අවසන් තීරණය අද

කර්තෘ Staff writer

13 Aug, 2020 | 9:21 am

COLOMBO (News 1st) – ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගන්නා බව සමගි ජන බලවේගය පවසයි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ, අද පෙරවරුවේ රැස්වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවය.

ඒ අනුව අද හෝ හෙට එම ලැයිස්තුව, ජාතික මැතිවරණ කොමිෂන් සභාවට භාරදෙන බව ඔහු සඳහන් කළේ ය.

මෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව සමගි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 7 කි.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලේඛන ඉදිරිපත් කිරීම සඳහා ජාතික මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවලට හෙට දක්වා අවස්ථාව ලබාදී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]