COVID19 එන්නත වැඩිදියුණු කිරීමට රුසියාව සූදානම්

ඕනෑම පාර්ශවයක් සමග එක්ව කොරෝනා මර්දන එන්නත වැඩිදියුණු කිරීමට සූදානම් - රුසියාව

by Staff writer 13-08-2020 | 11:03 AM

COLOMBO (News 1st) - ඕනෑම පාර්ශවයක් සමග එක්ව සිය කොරෝනා මර්දන එන්නත වැඩිදියුණු කිරීමට සූදානම් බව රුසියාව පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු නියෝජිතයා සඳහන් කළේ, ජාත්‍යන්තර සහයෝගය ලබාගනිමින් එන්නත වැඩිදියුණු කිරීමේ අරමුණ කොරෝනා ව්‍යාප්තිය වැළැක්විය හැකි ප්‍රතිකාර ක්‍රම තහවුරු කිරීම බවය. ස්පුට්නික් ෆයිව් යනුවෙන් නම් කළ ලොව ප්‍රථම කොරෝනා මර්දන ඒන්නත රුසියාව පෙරේදා ලොවට හඳුන්වා දුන්නේ ය. කෙසේ වෙතත් අමෙරිකාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් සහ ඇතැම් විද්‍යාඥයින්ද මෙම ඒන්නතෙහි ආරක්ෂිතභාවය සහ ප්‍රතිඵලදායකභාවය පිළිබඳව සැක පළ කරනු ඇත.

වෙනත් ලිපි