අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු අසුන තවමත් අර්බුදයේ

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු අසුන තවමත් අර්බුදයේ

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු අසුන තවමත් අර්බුදයේ

කර්තෘ Staff writer

13 Aug, 2020 | 9:03 pm

COLOMBO (News 1st) : අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන ගැන ප්‍රශ්නය තවමත් විසඳා ගැනීමට නොහැකිවී තිබේ.

අද එම පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ තරග කළ අපේක්ෂකයෙකු උපවාසයක් ආරම්භ කළේ, පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන්ට මේ අසුන ලබාදිය යුතු බව පවසමිනි.

මේ අතර පක්ෂයේ ඉදිරිපෙළ ක්‍රියාකාරී සමාජිකයෙකු වන අරඹේපොල රතනසාර හිමියන් පැහැරගෙන ගොස් පහරදී ඇතැයි මේවනවිට සැගවී සිටින පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමි පවසති..

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙන්ම පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන්ද මෙම ජාතික ලැයිස්තු අසුනට පත්වීමට ඇති කැමැත්ත මේ වනවිට ප්‍රකාශ කර තිබේ.

නමුත් පක්ෂයේ ලේකම් හිමියන් තවදුරටත් සැඟවී සිටීම නිසා මේ අසුන පිළිබඳව අවසන් තීරණයක් ගැනීම තවදුරටත් කල්යමින් පවතී.

අපේ ජනබල පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පවසන්නේ තමන් වහන්සේ සමග සමීපව පක්ෂයේ ක්‍රියාකළ අරඹේපොල රතනසාර හිමියන් මේ ප්‍රශ්නය මුල්කරගෙන පිරිසක් විසින් රැගෙන ගොස් පහරදී රඳවාගෙන සිටින බවයි.

අපේ ජන බල පක්ෂයේ ආරවුල දිග්ගැස්සෙන ලකුණු

🔺අපේ ජන බල පක්ෂයේ ආරවුල දිග්ගැස්සෙන ලකුණු#lka #News1st #HB4 #AJBP #Nationallistnomination

Posted by Newsfirst.lk on Thursday, August 13, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]