කළින් ඇමති ධූර දැරූ කිහිප දෙනෙකුට ධූර අහිමි වෙයි

හිටපු ජනපති මෛත්‍රී ඇමති ධුරයක් භාර නොගනී: කළින් ඇමති ධූර දැරූ කිහිප දෙනෙකුට ධූර හිමි වී නැහැ

by Staff writer 12-08-2020 | 8:05 PM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධුරයක් ලබාගෙන නොමැත.

ඔහු මෙවර මහ මැතිවරණයෙදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයායි. මීට පෙර අමාත්‍යධුර දැරූ කිහිප දෙනෙකුටම මෙවර අමාත්‍යධුර හිමි වී නොමැත. ඒ අතර මහාචාර්ය තිස්ස විතාරණ, එස්.බී.දිසානායක, ජෝන් සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි, ආචාර්ය විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් සිටි. එමෙන්ම, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, රංජිත් සියඹලාපිටිය, මහින්ද යාපා අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, ජයරත්න හේරත්, ජගත් පුෂ්ප කුමාර යන මහත්වරුන්ට ද නව රජයේ ඇමැති ධුර හිමි නොවීම විශේෂත්වයකි. එමෙන්ම දුෂ්මන්ත මිත්‍රපාල සහ රෝහණ දිසානායක යන මහත්වරුන්ට ද ඇමැති ධුර හිමිවී නොමැත. මේ අතර මෙවර මුල්වරට පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට රාජ්‍ය අමාත්‍යධුර හිමි විය. අචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජීවන් තොණ්ඩමන් යන මහත්වරුන් ඒ අතර වේ. එමෙන්ම ජාතික ලැයිස්තුවෙන් පළමුවරට පර්ලිමේන්තුවට පිවිසි විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, ජනාධිපති නීතිඥ අලි සබ්රි හා අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්ම මහත්මීන්ට ද මෙවර අමාත්‍යධුර හිමිව තිබීම විශේෂත්වයකි. https://www.facebook.com/NewsfirstSL/videos/622728062013280/