බැද්දගානේ කුඩු ජාවාරම

බැද්දගානේ කුඩු ජාවාරම : මවයි, පුතුයි අත්අඩංගුවට

by Staff writer 12-08-2020 | 9:22 PM

COLOMBO (News 1st) - පිටකෝට්ටේ, බැද්දගාන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 800 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පිටකෝට්ටේ, බැද්දගාන ආනන්ද මාවතේ නිවසක් කුලියට ගෙන අදාළ සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවී ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය. අත්අඩංගුවට ගැණුනේ 42 හැවිරිදි කාන්තාවක් හා 19 හැවිරිදි තරුණයෙකි. ඔවුන් දෙදෙනා මව සහ පුතු බව පොලීසිය පැවසීය. ඔවුන් සන්තයේ තිබි රුපියල් ලක්ෂ 70 ක මුදල් ද පොලීසිය සොයාගෙන තිබේ. එහි තිබූ මෝටර් රථයක් හා යතුරු පැදියක් ද පොලිස් භාරයට ගැණුනි. මීගහවත්ත, පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම කර ඇත. බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ද වැටිලීම සිදුකළ ස්ථානයට පැමිණියේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/591313191567462/