JJB ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හරිනි අමරසූරියට

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හරිනි අමරසූරියට

by Staff writer 12-08-2020 | 12:47 PM
COLOMBO (News 1st) : ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත්කර තිබේ. එම පක්ෂය සඳහන් කළේ, අමරසූරිය මහත්මියගේ නම අද මැතිවරණ කොමිසම වෙත යොමු කළ බවයි. හරිනි අමරසූරිය මහත්මිය සමාජ මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලැබුවේ, එක්සත් රාජධානියේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයෙනි. ඇය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු ලේකම්වරියක ද වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සාමාජිකාවක ලෙස කටයුතු කළ අමරසූරිය මහත්මිය ජාතික ජන බලවේගයේ පාර්ශව සංවිධානයක් වන ජාතික විද්වත් සංවිධානයේ, අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකාවකි.