අගමැති මහින්ද දළඳා සමිඳුන් වැඳපුදා ගනී

ඇමති මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු අගමැති මහින්ද දළඳා සමිඳුන් වැඳපුදා ගනී

by Staff writer 12-08-2020 | 7:57 PM

COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දළදා සමිඳුන් වැඳ පුදා ගෙන තිබේ.

ඒ, අද පෙරවරුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුවයි. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අග්‍රාමාත්‍යවරයාට සමරු තිළිණයක් ද පිරිනැමුවේය. මේ අතර ජනපති අගමැති සහ අද දිවුරුම් දුන් අමාත්‍යවරුන් සියම් නිකායේ මල්වතු පාර්ශවයේ මහ නායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැ දුටුවේ ය. අනතුරුව පිරිස සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් ආශීර්වාද ලබා ගෙන තිබේ. අනතුරුව මැණික්හින්න, හූරීකඩුව විද්‍යාසාගර පිරිවෙනට ගිය පිරිස රාමඤ්ඤ නිකායේ මහ නායක අතිපුජ්‍ය නාපාන ප්‍රේමසිරි හිමියන් බැහැ දුටුවේ ය. ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදුටු පිරිස උන්වහන්සේගෙන් ආශීර්වාද ලබා ගත්තේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1866678610138526/