බැද්දගානේ කුඩු ජාවාරම : මවයි, පුතුයි අත්අඩංගුවට

බැද්දගානේ කුඩු ජාවාරම : මවයි, පුතුයි අත්අඩංගුවට

බැද්දගානේ කුඩු ජාවාරම : මවයි, පුතුයි අත්අඩංගුවට

කර්තෘ Staff writer

12 Aug, 2020 | 9:22 pm

COLOMBO (News 1st) – පිටකෝට්ටේ, බැද්දගාන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 800 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පිටකෝට්ටේ, බැද්දගාන ආනන්ද මාවතේ නිවසක් කුලියට ගෙන අදාළ සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවී ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

අත්අඩංගුවට ගැණුනේ 42 හැවිරිදි කාන්තාවක් හා 19 හැවිරිදි තරුණයෙකි.

ඔවුන් දෙදෙනා මව සහ පුතු බව පොලීසිය පැවසීය.

ඔවුන් සන්තයේ තිබි රුපියල් ලක්ෂ 70 ක මුදල් ද පොලීසිය සොයාගෙන තිබේ.

එහි තිබූ මෝටර් රථයක් හා යතුරු පැදියක් ද පොලිස් භාරයට ගැණුනි.

මීගහවත්ත, පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම කර ඇත.

බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ද වැටිලීම සිදුකළ ස්ථානයට පැමිණියේ ය.

බැද්දගානේ කුඩු ජාවාර, මවයි, පුතුයි අත්අඩංගුවට

බැද්දගානේ කුඩු ජාවාර, මවයි, පුතුයි අත්අඩංගුවට#lka #News1st #BOC #DrugsRaid

Posted by Newsfirst.lk on Wednesday, August 12, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]