ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හරිනි අමරසූරියට

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හරිනි අමරසූරියට

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හරිනි අමරසූරියට

කර්තෘ Staff writer

12 Aug, 2020 | 12:47 pm

COLOMBO (News 1st) : ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත්කර තිබේ.

එම පක්ෂය සඳහන් කළේ, අමරසූරිය මහත්මියගේ නම අද මැතිවරණ කොමිසම වෙත යොමු කළ බවයි.

හරිනි අමරසූරිය මහත්මිය සමාජ මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලැබුවේ, එක්සත් රාජධානියේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයෙනි.

ඇය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු ලේකම්වරියක ද වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සාමාජිකාවක ලෙස කටයුතු කළ අමරසූරිය මහත්මිය ජාතික ජන බලවේගයේ පාර්ශව සංවිධානයක් වන ජාතික විද්වත් සංවිධානයේ, අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකාවකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]