by Staff writer 12-08-2020 | 7:13 AM
COLOMBO (News 1st) : මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයේ උප ජනාධිපති ධූරය සඳහා කැලිෆෝනියා ප්‍රාන්ත සෙනෙට් සභික කමලා හැරිස් නම් කිරීමට ඩිමොක්‍රැටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් පියවර ගෙන තිබේ.
එම තනතුරට නම්කළ ප්‍රථම කළු ජාතික සහ ආසියානු - අමෙරිකානු සම්භවයක් සහිත කාන්තාව ඇය වනු ඇති .
ඉන්දීය සහ ජැමෙයිකානු සම්භවයක් සහිත කමලා හැරිස් , මෙවර ජනාධිපති සටනේ අපේක්ෂකත්වය සඳහාද තරඟ වැදුණු නමුත් ජෝ බයිඩන්ට පූර්ණ සහය පළ කරමින් පසුව ඉන් ඉවත්විය.
මීට පෙර උප ජනාධිපති ධූර අපේක්ෂකත්වය සඳහා කාන්තාවන් නම් කර ඇත්තේ දෙවරක් පමණක් වන අතර ඔවුන් කිසිවකු එම තනතුර ජයග්‍රහණය කළේ නොමැත.
කමලා හැරිස් , ජෝ බයිඩන්ට මෙවර ජනපති සටනින් ජයගැනීමට ප්‍රබල සහයෝගයක් ලබාදෙනු ඇතැයි, විචාරකයෝ පෙන්වා දෙති.
අමෙරිකාවේ වර්ණභේද වාදයට එරෙහි විරෝධතා උත්සන්න වූ පසුබිමකදී , කළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගූ කමලා හැරිස් වැනි අත්දැකීම්වලින් පරිපූර්ණ, ප්‍රබල රිපබ්ලිකන් පක්ෂ විවේචකයකු උප ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් නම් කිරීම ජෝ බයිඩන්ගේ වාසියට හේතුවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.