අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට

අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට

අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට

කර්තෘ Staff writer

12 Aug, 2020 | 6:37 am

COLOMBO (News 1st) : අංගොඩ ලොක්කා නමැති අපරාධ කල්ලි නායකයාගේ කණ්ඩායමේ ප්‍රධාන වෙඩික්කරුවෙකු වන අසිත හේමතිලක හෙවත් ‘සෝල්ටා’ පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මුල්ලේරියාව වැලිවිට ප්‍රදේශයේදී පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිමේදී පොලීසිය කළ ප්‍රතිප්‍රහාර හමුවේ මොහු ජීවිතක්ෂයට පත්විය.

සෝල්ටා මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටි අයෙකි.

සැකකරු මනුෂ්‍ය ඝාතන රැසකට අදාළව අවශ්‍යව සිටි සැකකරුවෙකු බවට ද වාර්තා වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]