කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2871 දක්වා ඉහළට

සේනපුර පුනරුත්ථාපනයේ 23කට සහ UAE සිට පැමිණි සිව්දෙනෙකුට කොරෝනා

by Staff writer 11-08-2020 | 8:49 AM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 27 දෙනෙකු ඊයේ (10) හඳුනාගෙන ගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ (UAE) සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 4 දෙනෙකු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින රැඳවියන් 23 දෙනෙකු ඊයේ දිනයේ එලෙස කොරෝනා අසාදිතයින් ලෙස හඳුනාගත් බවයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2871 දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදනය වීමෙන් සුව වූ සංඛ්‍යාව 2593 කි. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 267 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.