C
OLOMBO (News 1st) : නෙදර්ලන්තයේ සිට මෙරටට ඒවන ලද රුපියල් මිලියන 25 ක ආසන්න වටිනාකමින් යුත් මත් පෙති තොගයක් රේගු භාරයට ගෙන තිබේ.
රේගුව පැවසුවේ කටුනායක ගුවන් භාණ්ඩ නිෂ්කාශන මධ්‍යස්ථානයට ලද පාර්සලයක තිබී රේගු මත්ද්‍රව්‍යා පාලන ඒකකය මගින් ඒම මත් පෙති තොගය සොයා ගත් බවයි.
කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නමට නිමි ඇඳුම් අඩංගු පාර්සලයක බහා මෙම මත් පෙති තොගය මෙටට ඒවා තිබේ.
මෙම ඇසුරෙමේ ව්‍යාජ පතුලක් තුළ සඟවා තිබියදී මත්පෙති තොගය සොයා ගත් බව රේගුව සඳහන් කළේ ය.
මත් පෙති තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දී තිබේ.
