නව සභිකයින් පාර්ලිමේන්තුවේ ලියාපදිංචි වීම 15 ට පෙර

මහ මැතිවරණයෙන් තේරීපත් වූ සභිකයින් පාර්ලිමේන්තුවේ ලියාපදිංචි වීම ලබන 15 වැනි දාට පෙර

by Staff writer 11-08-2020 | 7:49 AM

COLOMBO (News 1st) - මහ මැතිවරණයෙන් තේරීපත් වූ සභිකයින් පාර්ලිමේන්තුවේ ලියාපදිංචි වීම ලබන 15 වැනි දාට පෙර සිදු කරන්නැයි පාර්ලිමේන්තුව දැනුම් දෙයි.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ, මාර්ගගත ක්‍රමයට මෙම කටයුතු සිදු කිරීමට අවස්ථාව සලසා ඇති බවය. කිසිදු සභිකයෙක් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් තොරව නව ක්‍රමවේදය හරහා සිය ලියාපදිංචිවීම සිදු කරගත හැකි බව ඔහු සඳහන් කළේ ය. එහිදී තේරිපත් වූ සභිකයින්ගේ අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම්, ඡායාරූප , ආගම ඇතුළු තොරතුරු රැස්කිරීමට පියවර ගනු ඇති. WWW.PARLIMENT.LK වෙබ් අඩවියෙන් නව ලියාපදිංචිවීම සිදු කළ හැකි බව නියෝජ්‍ය මහ ලේකම්වරයා පැවසුවේ ය.