නායකත්වය ගැන එජාපයෙන් නිවේදනයක්

නායකත්වය ගැන එජාපයෙන් නිවේදනයක්

by Staff writer 11-08-2020 | 12:41 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් හා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් අතර ඊයේ (10) පැවැති සාකච්ඡාවේදී නව නායකත්වයක අවශ්‍යතාව, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි පෙන්වාදී ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

මේ සම්බන්ධයෙන් අදාළ කණ්ඩායම් සමග සාකච්ඡා කොට මීළඟ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට දැනුම් දෙන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළ බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන ආකාරයට පක්ෂය සම්පුර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කර ජයග්‍රාහී මාවතට ගෙන ඒමේ ක්‍රමවේදය සකස් කිරීම කළ යුතු බව තවදුරටත් පෙන්වා දෙන ලදී.