by Staff writer 11-08-2020 | 7:54 PM
COLOMBO (News 1st) : සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු පත්කිරීම් පිළිබඳව මතුවූ ගැටලුව අද පස්වරුවේ විසඳී තිබේ.
ඒ පක්ෂයේ ජාතික ලැයිස්තුව පිළිබඳව අවසන් තීරණය ගැනීමට එහි නායක සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාව ලබාදීමට හවුල්කාර පක්ෂවල නායකයින් එකගතාව පළ කිරීමත් සමගයි.
ජාතික ලයිස්තු මන්ත්‍රීධුර 7 පත්කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂ නායකයින් අද ඇතුල්කෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේදී රැස්වී සාකච්ඡා කළේ ය.
https://www.facebook.com/NewsfirstSL/videos/325394515324599/