මෙරට තුළ PCR පරීක්‍ෂණ 172,972 ක්..

ඊයේ දිනයේ පමණක් PCR පරීක්‍ෂණ 1,310 ක්..

by Staff writer 11-08-2020 | 11:22 AM

COLOMBO (News 1st) - කොරෝනා අසාදිතයින් හඳුනා ගැනීම සඳහා මෙරට තුළ PCR පරීක්‍ෂණ 172,972 ක් සිදුකර ඇතැයි Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පැවසුවේ, ඊයේ(10) දිනය තුළ පමණක් PCR පරීක්‍ෂණ 1,310 ක් සිදුකර ඇති බවය. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 2,871 ක් දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, අසාදිතයින් 267 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. අසාදිතයින් 2593 මේ වනවිට සුවය ලබා තිබේ.