අමෙරිකාවේ ධවල මන්දිරිය ඉදිරිපිට වෙඩි තැබීමක්

අමෙරිකාවේ ධවල මන්දිරිය ඉදිරිපිට වෙඩි තැබීමක්

by Staff writer 11-08-2020 | 1:12 PM

News 1st - අමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍ය අමතමින් සිටියදී ධවල මන්දිරය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ධවල මන්දිරය ඉදිරිපිට සිටි අවිගත් පුද්ගලයකුට රහස් පොලිස් භටයන් මෙහිදී වෙඩිතබා ඇති බවය. වෙඩි තැබීමෙන් පසු ජනාධිපතිවරයාව මාධ්‍ය සාකච්ජාව පැවති කාමරයෙන් ඉවත්කර එය ආසන්නයේ පිහිටි ඕවල් ඔෆිස් නැමති කාර්යාලයට ගෙනගොස් තිබේ. ටික වේලාවකට පසු යළි මාධ්‍ය සාකච්ජාවට එක් වූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තත්ත්වය සමනය කර ඇති බවත් රහස් පොලිස් නිලධාරීන්ගේ වෙඩි තැබීමට ලක් වූ පුද්ගලයා රෝහල්ගත කර ඇති බවයි. එම පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තවමත් නොදන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය. ධවල මන්දිර උද්‍යානයේ කෙලවර තාප්පය ආසන්නයේ මෙම වෙඩි තැබීම සිදු වූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. කොරෝනා ව්‍යාප්තිය හමුවේ අමෙරිකානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිය හිමිවූවන් යළි අමෙරිකාවට ඇතුළුවීම අවහිර කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වේ. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කළේ, කොරෝනා ආසාදනය වී ඇතැයි සැකපළවන පුද්ගලයන් සම්බන්ධයෙන් මෙය ක්‍රියාත්මක කෙරෙනු ඇති බවයි. කොරෝනා ව්‍යාප්තිය ඇරඹූමේ සිට සංක්‍රමණ නීති තවදුරතේ දැඩි කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා පියවර ගත්තේ ය.