අගමැති මහින්ද රාජපක්ෂ සිය ධුරයේ වැඩ අරඹයි

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධුරයේ වැඩ අරඹයි

by Staff writer 11-08-2020 | 10:40 AM

COLOMBO (News 1st) -අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ රාජකාරි ආරම්භ කළේ ය.

ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් පැවැත්වුනේ අරලියගහ මන්දිරයේදී ය. මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයට පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයින් සහ තේරීපත්වූ මන්ත්‍රීවරු ද ඇරයුම් ලැබ සිටියහ. මීට අමතරව තවත් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටි අතර අග්‍රාමාත්‍යවරයා රාජකාරී ආරම්භ කළේ, සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේයි. පසුව උත්සවයට පැමිණි පිරිස අතරට ගිය අග්‍රාමාත්‍යවරයා ඔවුන්ගේ සුබ පැතුම් පිළිගනිමින් සුහද කථාබහක නිරතවිය. මේ අතර නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමේ උත්සවය හෙට උදෑසන උදෑසන මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේදී සිදුවේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයේ සංවිධාන කටයුතු සොයා බැලීමට අදත් යුද හමුදාපතිවරයා ඇතුළු නිලධාරීහු එහි පැමිණියහ. උත්සවය ආරම්භවීමට නියමිතව ඇත්තේ හෙට උදෑසන 8 . 30 ටයි. https://www.facebook.com/NewsfirstSL/videos/304061597373114/